Ultimate magazine theme for WordPress.

ලකුණු 20ක් මදි වුණා : පරාජයට හේතුව තීක්ෂණ පහදයි

Post Match Press Conference

ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයේ නිරත වූ අවස්ථාවේ දී තවත් ලකුණු 20ක් පමණ ලබා ගත්තේ නම් ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේ ප්‍රතිපලය වෙනස් වන්නට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ 22 වන තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 7ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් තීක්ෂණ ඒ බව සදහන් කළා.

ශ්‍රී ලංකාව සිය ඉනිමට හොද ආරම්භයක් ලබා ගත්ත ද, කඩුලු 4ක් අඩු ලකුණු සංඛ්‍යාවකදී දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 170ක් කරා රැගෙන යාමට නොහැකි වීම තරගයේ ප්‍රතිපලයට බලපෑ බව ඔහුගේ අදහසයි.

ශ්‍රී ලංකාව පන්දු යැවීමේ දී පින්නෙන් බලපෑමක් එල්ල නොවූ බව ද මෙහිදී මහීෂ් තීක්ෂණ කියා සිටියා.

දර්ශන පහතින් –

Leave a comment