Ultimate magazine theme for WordPress.

රූට් – පාන්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට – කෝලි අභිබවා ලබුෂේන් ඉදිරියට

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා.

ඒ, නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත සහ ඉන්දු – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගවලදී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්.

ඒ අනුව එංගලන්ත නායක ජෝ රූට් සහ ඉන්දියාවේ රිෂාබ් පාන්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ගාලු ටෙස්ට් තරගයේ දී ලබා ගත් ද්විත්ව ශතකය හේතුවෙන් රූට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 6කින්.

බ්‍රිස්බේන් ටෙස්ට් තරගයේ දී සුවිශේෂී ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 89ක් ලබා ගත් ඉන්දියාවේ රිෂාබ් පාන්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 13 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම රැදී සිටින කඩුලු රකින ක්‍රීඩකයා ද වනවා.

මේ අතර, ඕස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා එක් පියවරක් ඉදිරියට පැමිණ ඇත්තේ විරාට් කෝලි සිව්වන ස්ථානයට පත් කරමින්.

පිතිකරණ ශ්‍රේණිගත කිරීම් –

ICC

පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් –

ICC
Leave a comment