Ultimate magazine theme for WordPress.

රසල් හාමර්ගේ අභාවය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා හිටපු කඩුලු රකින ක්‍රීඩකයෙකු වන රසල් හාමර්ගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සිය ශෝකය පල කර තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 76 වන වියේ පසු වුණා.

1964 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ඔහු 1975/76 ඉන්දියාවේ සිදු කළ සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින්නා ලෙස නිල නොවන ටෙස්ට් තරග දෙකකට හා එක්දින තරග දෙකකට ක්‍රීඩා කර තිබුණා.

ජාතික කණ්ඩායමෙන් තමන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොණු කළ එකම ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ රසල් හාමර්.

ඉන්දීය සංචාරයෙන් පසු තමාව කණ්ඩායමට තෝරා නොගැනීම සම්බන්ධයෙන් ඔහු එලෙස නඩු පැවරූ නමුත් ඉන් ඔහු පරාජයට පත් වුණා.

Leave a comment