Ultimate magazine theme for WordPress.

රටවල් 5කදී පැවැත්වෙන CPL තරගාවලිය අගෝස්තු 16 ඇරඹේ

2023 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (CPL) කැරිබියන් රටවල් 5කදී පැවැත්වීමට නියමිත බව CPL තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා.

තරගාවලිය අගෝස්තු 16 වැනිදා සිට සැප්තැම්බර් 24 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

2019 වසරෙන් පසුව පළමු වරට බාර්බඩෝස් හී දී මෙවර තරග පැවැත්වීමට නියමිතව තිබීම විශේෂත්වයක්.

ඊට අමතරව ශාන්ත ලුසියා, ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස්, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ හා ගයානා හී දී තරග පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. මෙවරත් ජැමයිකාවේ දී තරග පැවැත්වෙන්නේ නැහැ.

ජැමයිකා තලවාස් කණ්ඩායම හා ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම අතර ශාන්ත ලුසියා හී දී පැවැත්වෙන තරගයත් සමග 2023 CPL තරග වාරය ආරම්භ වීමට නියමිතයි.

අවසන් වටයේ තරග (playoffs) හා අවසන් මහා තරගය සැප්තැම්බර් 19 වැනිදා සිට 24 වැනිදා දක්වා ගයානා හී දී පැවැත්වෙනවා.

Leave a comment