Ultimate magazine theme for WordPress.

රංගන හේරත් වෙනුවට බංග්ලාදේශයට අලුත් දග පන්දු පුහුණුකරුවෙකු පත් කෙරේ

පාකිස්තාන හිටපු දග පන්දු යවන ක්‍රීඩකයෙකු වන මුෂ්ටක් අහ්මඩ් බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වනතුරු ඔහු එම ධූරයේ කටයුතු කිරීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට පෙර මුෂ්ටක් ඩකා නුවර බලා පැමිණීමට නියමිතව තිබෙනවා.

2021 වසරේ ජූනි මාසයේ සිට වසර දෙකකට වැඩි කාලයක් බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේ රංගන හේරත්.

Leave a comment