Ultimate magazine theme for WordPress.

යොවුන් ලෝක කුසලානයට අයත් ඇෆ්ඝනිස්තානයේ පුහුණු තරග හදිසියේ අවලංගු කෙරේ

ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිත යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ පුහුණු තරග අවලංගු කර තිබෙනවා.

ඒ, වීසා ගැටලුවක් හේතුවෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට මෙතෙක් තරගාවලිය පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පැමිණීමට නොහැකි වී ඇති බැවින්.

ගැටලුව විසදා ගැනීම සදහා සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(10) දිනයේ දී එංගලන්තයට එරෙහිව ද, එළඹෙන 12 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ද පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

මේ හේතුවෙන් පුහුණු තරග කාලසටහනෙහි සංශෝදනයක් ද සිදු කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ඒ අනුව හෙට(11) දිනයේ දී එංගලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පුහුණු තරගයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a comment