Ultimate magazine theme for WordPress.

යාපනය හා මහනුවර කණ්ඩායම් NSL අවසන් තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට යාපනය හා මහනුවර යන කණ්ඩායම් අද(4) සමත් වුණා.

එම තරගය එළඹෙන 7 වැනිදා ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

අද අවසන් වූ පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම සමත් වුණේ කොළඹ කණ්ඩායමට එරෙහිවයි.

හම්බන්තොට පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 272ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස යාපනය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 339ක් රැස් කළා.

අනතුරුව කොළඹ දෙවැනි ඉනිම ලකුණු 158කට සීමා වුණේ තරගය ජය ගැනීම සදහා යාපනය කණ්ඩායමට ලකුණු 92ක ඉලක්කයක් ලබා දෙමින්. යාපනය කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

දෙවැනි අවසන් පූර්ව තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.

මහනුවර හා ගාල්ල කණ්ඩායම අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැති අතර, පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 458ක් රැස් කළා.

පිළිතුරු ලෙස ගාලු පිල පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 354ක්.

තරගයේ අවසන් දිනය නිමා වන විට මහනුවර කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 155ක් රැස් කර ගෙන සිටියා.

ඒ අනුව පළමු ඉනිමේ ජය හිමි කර ගත් මහනුවර කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා.

Leave a comment