Ultimate magazine theme for WordPress.

මෝර්ගන්ට IPL තරග තහනමක් පැනවීමේ අවධානමක්; ලක්ෂ 64ක දඩයකුත් ගසයි

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් විසින් දඩ පනවා තිබෙනවා.

ඒ, ඊයේ(23) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග අබුඩාබි හී දී පැවැති තරගයේ දී පන්දුවාර යවා නිම කිරීම සදහා වැඩි කාල වේලාවක් ගත කිරීම හේතුවෙන්.

මෙම තරග වාරයේ දී කොල්කටා කණ්ඩායම මෙම වරදට හසු වූ දෙවැනි අවස්ථාව මෙයයි.

ඒ අනුව නායක ඔයින් මෝර්ගන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 24ක දඩ මුදලක් පැනවීමට කටයුතු කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 64ක පමණ අගයක් වනවා.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් 10 දෙනාට ද අවම වශයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 6ක දඩ මුදලක් හෝ තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් පැනවෙන බවයි අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළේ.

එමෙන්ම ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම 2021 තරග වාරයේ දී යළිත් මෙම වරද සිදු කළහොත් නායක මෝර්ගන්ට එක් තරගයක තහනමක් ද පැනවෙනු ඇති.

මේ අතර, පසුගිය 21 වනදා පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී පන්දුවාර යවා නිම කිරීම සදහා වැඩි කාල වේලාවක් ලබා ගැනීම හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් නායක සංජු සැම්සන්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ මුදලක් පනවනු ලැබුවා.

Leave a comment