Ultimate magazine theme for WordPress.

මේයර්ස්ගේ ප්‍රහාරය හා වුඩ්ගේ කඩුලු 5 හමුවේ සුපර් ජයන්ට්ස් පිලට දැවැන්ත ජයක්

Match Report

ක්යල් මේයර්ස්ගේ විශිෂ්ඨ ඉනිම හා මාර්ක් වුඩ්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 50 ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

ලක්නව් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 193 ක් ලබා ගත්තා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ක්යල් මේයර්ස් පන්දු 38 කින් ලකුණු 73 ක් රැස් කළේ හයේ පහර 7 ක් හා හතරේ පහර 2ක් සමගින්. නිකලස් පූරාන් පන්දු 21 කින් ලකුණු 36 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ් ලකුණු 30 කට කඩුලු 2 ක් හා චේතන් සාකරියා ලකුණු 53 කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

ඩේවිඩ් වෝනර් පන්දු 48 කින් ලකුණු 56 ක් රැස් කළේ හතරේ පහර 7 ක් ද සමගින්.රයිලී රොසෝව් ලකුණු 30 යි.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 14 ක් පමණක් ලබා දෙමින්. අවේශ් ඛාන් හා රවී බිෂ්නෝයි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Leave a comment