Ultimate magazine theme for WordPress.

මුෂ්ෆිකර්ගේ ඉල්ලීම ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු විසින් ෂෙරී බංග්ලා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පුහුණු කටයුතු යළි ආරම්භ කිරීම සදහා කළ ඉල්ලීමක් එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සෞඛ්‍ය ආරක්ෂක ගැටලු හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.

මුෂ්ෆිකර් රහීම් ද මෙම ඉල්ලීම සිදු කළ ක්‍රීඩකයින් අතර සිටින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

“මුෂ්ෆික් අපිට කතා කළා. ඔහුට අවශ්‍යයි පෞද්ගලික පුහුණුවීම් ආරම්භ කරන්න. නමුත් අපි ඔහුට කිව්වා මේක ඒකට හරිම වෙලාව නෙවෙයි කියලා. ඔහු නිවසේ සිට පුහුණුවීම් කළ යුතුයි. පුහුණුවීම් වැදගත්. නමුත් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව අපිට ඉතා වැදගත්.”

යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Nizamuddin Chowdhury සදහන් කළා.

මැයි මාසය නිමා වීමත් සමග එරට රජය විසින් රට වසා දැමීමේ ක්‍රියාවලිය (ලොක්ඩවුන්) අත්හිටුවීමට පියවර ගත් අතර, පසුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සිය ක්‍රියාකාරකම් සීමිත ප්‍රමාණයකින් යළි ආරම්භ කළා.

මේ වන විට එරටින් කොරෝනා ආසාදිතයින් 55,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර, මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 780ක් පමණ වනවා.

Leave a comment