Ultimate magazine theme for WordPress.

මිල්ස් පන්දු සියයෙන් ඉවතට ; ලෝක කුසලානය ගැන තවමත් අපේක්ෂාවෙන්

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිමාල් මිල්ස්ට මෙවර The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයක ඇගිල්ලක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන්.

කෙසේ වෙතත්, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වන විට ඔහු සුවය ලබා සිටිනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

The Hundred තරගාවලියේ දී Southern Brave කණ්ඩායම නියෝජනය කරන ටිමාල් මිල්ස්ට මෙවර තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ පාදයක ඇගිල්ලක ඇතිව තිබූ ආබාධයක් හේතුවෙන්.

කෙසේ වෙතත්, පසුගිය බදාදා Birmingham Phoenix කණ්ඩායමට එරෙහිව පැවැති තරගය සදහා ඔහු ක්‍රීඩා කළ නමුත්, පසුව ඔහුගේ එම ආබාධය යළි උත්සන්න වී තිබුණා.

ඒ අනුව පසුගිය සිකුරාදා ටිමාල් මිල්ස් ශල්‍යකර්මයකට ද මුහුණ දී තිබූ බව සදහන්.

Leave a comment