Ultimate magazine theme for WordPress.

මහනුවර 288/2

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(7) ගාල්ලේ දී ආරම්භ වුණා.

ඒ, මහනුවර කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව තරගයේ පළමු දිනය නිමා වන විට මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 288ක්.

ආරම්භක පිතිකරුවන් වූ කමිල් මිෂාර ලකුණු 56ක් හා කසුන් විදුර ලකුණු 71ක් රැස් කළා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 123ක්.

ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 91ක් හා කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 57ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා කඩුලු 2ක් බිද හෙලුවා.

Leave a comment