Ultimate magazine theme for WordPress.

මධ්‍යම කොන්ත්‍රාත් හිමි වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් නිවේදනය කෙරේ – ස්ටොයිනිස් ඉවතට

2024-25 තරග වාරය සදහා මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් ලබා දුන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව එරට ක්‍රිකට් ආයතනය විසින් අද(28) නිවේදනය කළා.

ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත් මෙම ලැයිස්තුවට තුන් ඉරියව් ක්‍රීඩක මර්කස් ස්ටොයිනිස් ඇතුළත් කර නොතිබීම විශේෂත්වයක්.

මෙවර කොන්ත්‍රාත් ගිවිසුම්වලට ඇතුළත් කර ඇති නව ක්‍රීඩකයින් වන්නේ Xavier Bartlett, Nathan Ellis, Matt Short හා Aaron Hardie.

ඒ අතරින් Nathan Ellis, Matt Short හා Aaron Hardie යන ක්‍රීඩකයින්ට 2023-24 තරග වාරය සදහා පළමුව කොන්ත්‍රාත් හිමිව නොතිබූ නමුත්, පසුව ඔවුන්ව ඒ සදහා උසස් කෙරුණා.

ස්ටොයිනිස්ට අමතරව මෙවර කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව නොමැති සෙසු ක්‍රීඩකයින් වන්නේ ඇෂ්ටන් ඒගාර්, මර්කස් හැරිස්, මයිකල් නෙසර් හා ඩේවිඩ් වෝනර්.

මෙම කොන්ත්‍රාත් ලබා දීම ජූනි මාසයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව වලංගු වනවා. ඒ අනුවයි එම තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කර ඇති වෝනර් මෙම කොන්ත්‍රාත් ගිවිසුම්වලට ඇතුළත් නොකිරීමට පියවර ගෙන ඇත්තේ.

CA contracted players 2024-25:

Sean Abbott, Xavier Bartlett, Scott Boland, Alex Carey, Pat Cummins, Nathan Ellis, Cameron Green, Aaron Hardie, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Glenn Maxwell, Lance Morris, Todd Murphy, Jhye Richardson, Matt Short, Steve Smith, Mitchell Starc, Adam Zampa

Leave a comment