Ultimate magazine theme for WordPress.

බාබර්ගේ හා අෆ්රිඩිගේ දක්ෂතා පාකිස්තානය සම තැනින් නවතයි

Match Report

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති 5 වැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 9ක ජයක් වාර්තා කරමින් විස්සයි 20 තරගාවලිය තරග 2-2 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ලාහෝර්හී දී පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 178 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169 ක් පමණයි.

ටිම් සෙයිෆර්ට් පන්දු 33 කින් ලකුණු 52 ක් ලබා ගත් අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් ඇතුළත් වුණා. ජොෂ් ක්ලාර්ක්සන් නොදැවී ලකුණු 38 යි.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 30 කට කඩුලු 4 ක් දවා ගත්තා. උසාමා මීර් කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 21 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 69 ක් රැස් කළේ පන්දු 44 කින්. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් ද සමගින්.

ෆකාර් සමාන් ලකුණු 43(33) යි. උස්මාන් ඛාන් ලකුණු 31 කට දැවී ගියා.

Leave a comment