Ultimate magazine theme for WordPress.

බ්‍රාවෝ IPL පිටියෙන් ඉවතට

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දකුණු පාදයේ ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

පසුගිය 17 වැනිදා දිල්ලි කැපිටල්ස් පිල සමග පැවැති තරගයේ දී යි බ්‍රාවෝ මෙම ආබාධයට ගොදුරු වුණේ.

ඒ අනුව ඔහු හෙට දිනයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටව යාමට ද නියමිතව තිබෙනවා.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කණ්ඩායම් කළමණාකාරීත්වය අවසන් තීරණයක් ගෙන නැහැ.

දිල්ලි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු පන්දුවාර 3ක් පමණක් ක්‍රියාත්මක කළ අතර, සිව්වැනි පන්දුවාරය යැවීම සදහා බ්‍රාවෝ සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වූයේ නැහැ.

ඒ හේතුවෙන් තරගයේ අවසන් පන්දුවාරය යැවීමට රවීන්ද්‍ර ජඩේජාට සිදු වූ නමුත් තරගය ජය ගැනීමට අවශ්‍ය වූ ලකුණු 17ක ඉලක්කය හයේ පහර 3ක් එල්ල කරමින් සපුරා ගැනීමට ආක්සා පටෙල් සමත් වුණා.

Leave a comment