Ultimate magazine theme for WordPress.

බ්‍රේව් කණ්ඩායමට කඩුලු හතරක ජයක් ; ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඕවල් පිලට

Match Report

එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ (පිරිමි) 22 වැනි තරගයෙන් Birmingham Phoenix කණ්ඩායම පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට Southern Brave කණ්ඩායම සමත් වුණා.

සවුත්හැම්ටන් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 120 ක ඉලක්කයක් හඹා ගිය Brave කණ්ඩායම පන්දු 94 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

George Garton ලකුණු 28, Devon Conway ලකුණු 24 හා Finn Allen ලකුණු 22 රැස් කළා.

පන්දු යැවීමේ දී Tanveer Sangha ලකුණු 22 කට කඩුලු 2 දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් Birmingham කණ්ඩායම වෙනුවෙන් Ben Duckett ලකුණු 27, Liam Livingstone ලකුණු 25 හා Will Smeed ලකුණු 23 රැස් කළා.

ඔවුන් පන්දු 100 අවසානයේ ලකුණු 119 ක් රැස් කළේ කඩුු 8 ක් දැවී සිටියදීයි.

පන්දු යැවීමේ දී Tymal Mills ලකුණු 20 කට කඩුලු 3 හා Rehan Ahmed ලකුණු 22 කට කඩුලු 3ක් බිද හෙලුවා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ Oval Invincibles කණ්ඩායම හිමි කර ගෙන සිටින්නේ තරග 6කදී ප්‍රසාද ලකුණු 9ක් හිමි කර ගනිමින්.

ප්‍රසාද ලකුණු 7කට හිමිකම් කියන Brave කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

තරග හයෙන් එක් තරගයක් ජය ගත් Birmingham Phoenix කණ්ඩායමට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි. ඔවුන් ක්‍රීඩා කළ තරග දෙකක් වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වුණා.

Leave a comment