Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ විනිසුරුවරයෙක් ICC උසස්ම විනිසුරු මඩුල්ලට – සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

ජගත් ක්‍රිකට් කවුුන්සලය විසින් අයි.සී.සී උසස්ම (Elite Panel) විනිසුරු හා තරග තීරක මඩුල්ල සදහා නම් කර ඇති නවතම විනිසුරුවන්ගේ හා  තරග තීරකවරුන්ගේ නම් ලැයිස්තුව නිවේදනය කර තිබෙනවා.

බංග්ලාදේශ ජාතික Sharfuddoula Ibne Shahid ද විනිසුරු කමිටුවට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

අයි.සී.සී උසස්ම විනිසුරු මඩුල්ලට ඇතුළත් වූ පළමු බංග්ලාදේශ විනිසුරු ලෙසයි ඔහු ඉතිහාසගත වන්නේ.

කෙසේ වෙතත්, එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ගේ පියා වන ක්‍රිස් බ්‍රෝඩ් නව තරග තීරක මඩුල්ලට (Elite Panel) ඇතුළත් කර නැහැ.

ඔහු 2003 වසරේ සිට උසස්ම තරග තීරක මඩුල්ල නියෝජනය කළ අතර, ටෙස්ට් තරග 123 කදී, එක්දින තරග 361 කදී හා විස්සයි 20 තරග 135 කදී ඔහු සිය රාජකාරී කටයුතු ඉටු කර තිබෙනවා.

මේ අතර, උසස්ම විනිසුරු මඩුල්ලට ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන මහතා හා උසස්ම තරග තීරක මඩුල්ලට රංජන් මඩුගල්ල මහතා මෙවරත් ඇතුළත් කර තිබෙනවා.

ICC Elite Panel of Match Referees:

David Boon (Australia), Jeff Crowe (New Zealand), Ranjan Madugalle (Sri Lanka), Andrew Pycroft (Zimbabwe), Richie Richardson (West Indies), Javagal Srinath (India)

ICC Elite Panel of Umpires:

Kumar Dharmasena (Sri Lanka), Christopher Gaffaney (New Zealand), Michael Gough (England), Adrian Holdstock (South Africa), Richard Illingworth (England), Richard Kettleborough (England), Nitin Menon (India), Ahsan Raza (Pakistan), Paul Reiffel (Australia), Sharfuddoula Ibne Shahid (Bangladesh), Rodney Tucker (Australia), Joel Wilson (West Indies)

Leave a comment