Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178 කට සීමා වෙයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (1).

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුල්ලක් දැවී ලකුණු 55 ක් ලබා සිටි අතර, අද දිනයේ තේ පානය සදහා තරගය නතර කිරීමට පෙර ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 178 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු සාකීර් හසාන්. ඔහු ලකුණු 54 කට දැවී ගියා.

මොමිනුල් හක් ලකුණු 33 යි. තයිජුල් ඉස්ලාම් ලකුණු 22 කටත්, මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 21 කටත් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ශකිබ් අල් හසාන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 15ක්.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 34 ක් ලබා දෙමින්. විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් බිද හෙලුවා.

චිතගොංහි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 531 ක් ලබා ගත්තා.

ඒ අනුව බංග්ලාදේශය පළමු ඉනිම අවසන් වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 353 ක්.

Leave a comment