Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ ආරම්භක පිතිකරු නවසීලන්ත සංචාරයෙන් ඉවතට

බංග්ලාදේශ ආරම්භක පිතිකරු මහ්මුදුල් හසාන් ජෝයිගේ දකුණු අතේ ඇගිල්ලක ආබාධයක් සිදුව තිබෙනවා.

නවසීලන්තය සමග මවුන්ට් මංගනුයිහී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය වූ අද(4) දිනය සදහා තරගය ආරම්භ වීමට පෙර සිදු කළ පුහුණුවීම් අතරතුර දී යි ඔහු එම ආබාධයට ලක්ව ඇත්තේ.

ඒ හේතුවෙන් ඔහුට නවසිලන්ත තරග සංචාරයේ දී යළි ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා.

මහ්මුදුල් හසාන් ජෝයි දින 7ත් 10ත් අතර කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වීමට නියමිතයි.

Leave a comment