Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශය පළමු ටෙස්ට් තරගයේ පෙරමුණ ගනියි

Day 3 Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මවුන්ට් මංගනුයිහී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද(3) නිමා වුණේ තරගයේ වැඩි ගෞරව තවදුරටත් බංග්ලාදේශය වෙත හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 401ක් ලබා සිටියා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තයට වඩා ඔවුන් මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 73ක්.

අද දිනට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලකුණු 175ක් රැස් කර ගෙන සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 78කට දැවී ගියා.

නායක මොමිනුල් හක් ලකුණු 88ක් ද, ලිටොන් ඩාස් ලකුණු 86ක් ද ලබා ගනිමින් බංග්ලාදේශ ඉනිම තවදුරටත් ශක්තිමත් කළා.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 12කට දැවී ගිය අතර, නජ්මුල් හුසේන් ශන්ටෝ ලකුණු 64ක් ඊයේ ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් හා නෙයිල් වෑග්නර් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

Leave a comment