Ultimate magazine theme for WordPress.

පාකිස්තාන – නවසීලන්ත එක්දින තරගාවලිය සුපර් ලීගයෙන් ඉවතට

ලබන සතියේ දී ආරම්භ වන පාකිස්තාන – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් නොවන බව දෙරටේ ක්‍රිකට් ආයතන විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ, ලබන 17 වනදා රාවල්පින්ඩිහී දී ආරම්භ වන තරග 3කින් යුත් අදාළ එක්දින තරගාලියට විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS) යොදා නොගැනීම හේතුවෙන්.

2022/23 තරග වාරයේ දී ද නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, එහිදී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එම එක්දින තරග 3 අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ඇතුළත් කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

Leave a comment