Ultimate magazine theme for WordPress.

පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ

එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, සමස්ත එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් මීට පෙර නම් කළ සංචිතයේ සිටින සෙසු ක්‍රීඩකයින් 9 දෙනා එළඹෙන 20යි 20 තරගාවලිය අරමුණු කර ගනිමින් එංගලන්තයේ දී තවදුරටත් පුහුණු කටයුතුවල නිරත වනු ඇති.

එංගලන්ත තරග සංචාරයට එක්වීම සදහා පාකිස්තාන ක්‍රීඩකයින් කොටස් කිහිපයක් වශයෙන් මීට පෙර පාකිස්තානයෙන් පිටත්ව ගියා.

ඒ, ඇතැම් ක්‍රීඩකයින් කොරෝනා වෛරසයට ගොදුරු වීම හේතුවෙන්.

දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ලබන 05 වනදා ආරම්භ වන අතර, තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අගෝස්තු 28, 30 සහ සැප්තැම්බර් පළමු වැනිදා පැවැත්වීමට නියමිතයි.

ටෙස්ට් සංචිතය –

Azhar Ali (c), Babar Azam (vc), Abid Ali, Asad Shafiq, Faheem Ashraf, Fawad Alam, Imam ul haq, Imran Khan, Kashif Bhatti, Mohammad Abbas, Mohammad Rizwan, Naseem Shah, Sarfaraz Ahmed, Shadab Khan, Shaheen Shah Afridi, Shan Masood, Sohail Khan, Usman Shinwari, Wahab Riaz, Yasir Shah.

ටෙස්ට් සංචිතයට නම් නොකළ ක්‍රීඩකයින් – 

Fakhar Zahman, Haider Ali, Iftikhar Ahmed, Imad Wasim, Khushdil Shah, Mohammad Hafeez, Mohammad Amir, Mohammad Hasnain, Musa Khan.

Leave a comment