Ultimate magazine theme for WordPress.

පාකිස්තාන ටෙස්ට් සංචිතයට නවකයින් 9ක් නම් කරයි

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

ටෙස්ට් සංචිතයෙන් මොහොමඩ් අබ්බාස්, ශාන් මසූඩ් සහ හැරිස් සොහයිල් ඉවත් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් හිමි කර ගෙන නොමැති ක්‍රීඩකයින් 9 දෙනෙකු ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

ආබාධයන්ට ලක්ව සිටින ශඩාබ් ඛාන් සහ නසීම් ශාහ් මෙම සංචිතයට නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 26 වනදා කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

ටෙස්ට් තරගාවලියෙන් පසුව දෙරට අතර 20යි 20 තරග 3ක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාකිස්තාන සංචිතය:

Abid Ali, Abdullah Shafique, Imran Butt, Azhar Ali, Babar Azam (c), Fawad Alam, Kamran Ghulam, Salman Ali Agha, Saud Shakeel, Faheem Ashraf, Mohammad Nawaz, Mohammad Rizwan, Sarfaraz Ahmed, Nauman Ali, Sajid Khan, Yasir Shah, Haris Rauf, Hasan Ali, Shaheen Shah Afridi, Tabish Khan

Leave a comment