Ultimate magazine theme for WordPress.

පාකිස්තාන කාන්තා පිලේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස් වෙයි

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Mark Coles සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, එම ධූරයට ඔහුව දෙවැනි වරටත් පත් කර මාස 4ක පමණ කාලයක් ගතව ඇති පසුබිමකයි.

පෞද්ගලික හේතුවක් මත Mark Coles වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉවත්ව ඇති බව සදහන්.

2017 වසරේ සිට 2019 වසර දක්වා වූ කාලයේ දී ද ඔහු පාකිස්තාන කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දරනු ලැබුවා.

සැප්තැම්බර් පළමු වැනිදා සිට දකුණු අප්‍රිකාවට එරෙහිව පාකිස්තාන කණ්ඩායම කරච්චි හී දී 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති පසුබිමකයි ප්‍රධාන පුහුණුකරු මෙලෙස සිය ධූරයෙන් ඉවත්ව ඇත්තේ.

ඉදිරියේ දී නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීමට කටයුතු කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පාකිස්තාන කාන්තා කණ්ඩායමට ඉතා කාර්යය බහුල තරග කාලසටහනක් ඉදිරියේ දී යෙදී ඇති අතර, ඉදිරි වසරක කාලයේ දී එක්දින තරග 15 ක් හා 20යි 20 තරග 17 ක් ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a comment