Ultimate magazine theme for WordPress.

ඉන්දීය ක්‍රිකට් ආයතනය කෝටි 16,627 ක බදු ගෙවලා

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පසුගිය වසර 5ක කාලය තුළ දී ඉන්දීය රුපියල් කෝටි 4,298 ක මුදලක් ආදායම් බදු ලෙස ගෙවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 16,627 ක පමණ අගයක් වනවා.

2021-22 මූල්‍ය වසරේ දී පමණක් ඔවුන් ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි 1,159 ක්.

එය ඊට පෙර මූල්‍ය වර්ෂය හා සැසදීමේ දී 37% ක වර්ධනයක් බව සදහන්.

ඉන්දීය රාජ්‍ය සභාවේ දී අසන ලද පැනයකට ලිඛිතව පිළිතුරු ලබා දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය Pankaj Chaudhary මෙම තොරතුරු අනාවරණය කළා.

2020-21 මූල්‍ය වර්ෂයේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි 844.92 ක්.

ඒ, 2019-20 මූල්‍ය වර්ෂයේ දී ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 882.29 ක මුදලක් ආදායම් බදු ලෙස ගෙවා තිබූ පසුබිමකයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය 2018-19 මූල්‍ය වර්ෂයේ දී රුපියල් කෝටි 815.08 ක බදු මුදලක් ද, 2017-18 මූල්‍ය වසරේ දී ඉන්දීය රුපියල් කෝටි 596.63 ක බදු මුදලක් ද ගෙවා තිබෙනවා.

2021-22 මූල්‍ය වර්ෂයේදී එරට ක්‍රිකට් පාලක මණ්ඩලය උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 7,606 ක්. වියදම සටහන්ව ඇත්තේ රුපියල් කෝටි 3,064 ක් ලෙසයි.

2020-21 මූල්‍ය වර්ෂයේ දී ක්‍රිකට් ආයතනයේ ආදායම රුපියල් කෝටි 4,735 ක් වූ අතර, වියදම රුපියල් කෝටි 3,080 ක් වූ බව සදහන්.

Leave a comment