Ultimate magazine theme for WordPress.

පාකිස්තානයට එරෙහි නෙදර්ලන්ත සංචිතය නම් කෙරේ

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නෙදර්ලන්ත සංචිතය නම් කර තිබෙනවා.

Scott Edwards ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

කඩුලු රකින ක්‍රීඩක Wesley Barresi යළි එක්දින සංචිතයට කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මෙතෙක් එක්දින වරම් දිනා නොමැති 20 හැවිරිදි Arnav Jain ද සංචිතයට නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය එළඹෙන 16 වැනිදා Rotterdam හී දී පැවැත්වීමට නියමිතයි.

Netherlands squad:

Scott Edwards (c), Musa Ahmad, Shariz Ahmad, Wesley Barresi, Logan van Beek, Tom Cooper, Aryan Dutt, Arnav Jain, Viv Kingma, Ryan Klein, Bas de Leede, Teja Nidamanuru, Tim Pringle, Max O’Dowd, Vikram Singh

Leave a comment