Ultimate magazine theme for WordPress.

පළමු ශතකය මෙන්ඩිස්ගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් ඊයේ(19) සමත්වුණා.

ඒ, මීගමුවට එරෙහිව පැවැති තරගයේදීයි.

එහිදී කමිඳු මෙන්ඩිස් ලකුණු 117ක් ලබාගත්තේ පන්දු 115කට මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ඇතුළත්.

එම ඉනිමත් සමග මේරියන්ස් කණ්ඩායමට ලකුණු 109 ක ජයක් ද මෙම තරගයෙන් හිමි වුණා.

හලාවත මේරියන්ස් – 264/9 (50)

කමිඳු මෙන්ඩිස් 117, සනෝජ් දර්ශික 27, ලසිත් කෲස්පුල්ලේ 26, රිසිර වීරසූරිය 24,

ෂෙහාන් ප්‍රනාන්දු 45/2, චමත් වික්‍රමසිංහ 61/2

මීගමුව – 155 (40.2)

අභිෂේක් ආනන්ද කුමාර 32, චමත් වික්‍රමසිංහ 24, ශෂින් රසන්ත 20, නිශාන් පීරිස් 20,

දසුන් සේනාරත්න 24/2, නවීන් ගුණවර්ධන 8/2, සනෝජ් දර්ශික 16/2

Leave a comment