Ultimate magazine theme for WordPress.

පන්දු රැකීමේ දී සිදු වූ අනතුරක් හේතුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස් රෝහල් ගත කෙරේ

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය යටතේ ඊයේ(12) රාත්‍රියේ පැවැති තරගයේ දී සිදු වූ අනතුරක් හේතුවෙන් දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් ක්‍රීඩක ෆෆ් ඩු ප්ලෙසිස් රෝහල් ගත කර තිබෙනවා.

අබුඩාබි හී දී මෙම තරගය පැවැත්වුණේ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා පෙෂාවර් සල්මි කණ්ඩායම අතරයි.

පෙෂාවර් ඉනිමේ 7 වන පන්දුවාරයේ දී පන්දු රකිමින් සිටින අතරවාරයේ දී යි එම අනතුර සිදු වුණේ.

හතරේ පහරක් නතර කිරීමට ගත් උත්සාහයකදී මොහොමඩ් හස්නයින් සහ ෆෆ් ඩු ප්ලෙසිස් එකිනෙකා ගැටුණු අතර, අනතුරුව ෆෆ් ඩු ප්ලෙසිස් රෝහල් ගත කිරීමට කටයුතු කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෛද්‍ය පරීක්ෂණ සදහා ඔහුව එලෙස අබුඩාබි රෝහලකට ඇතුළත් කර තිබුණා.

Leave a comment