Ultimate magazine theme for WordPress.

පන්දුවෙන් පිතිකරුට දමා ගැසූ වරදට දඩුවම් ලකුණු 5ක් පනවයි

එංගලන්තයේ බොබ් විලිස් කුසලාන තරගාවලිය යටතේ පැවැති තරගයකදී දඩුවම් ලකුණු 5ක් පන්දු යැවීමේ කණ්ඩායමට එරෙහිව පැනවීමට විනිසුරුවන් කටයුතු කළ පුවතක් වාර්තා වනවා.

මෙය සිදුව ඇත්තේ ලැන්කෂෙයාර් කණ්ඩායම සහ ලෙස්ටෂෙයාර් කණ්ඩායම කණ්ඩායම අතර පැවැති තරගයේ දී යි.

එහිදී පන්දු යවමින් සිටි ලෙස්ටෂෙයාර් කණ්ඩායමේ Dieter Klein විසින් පන්දුවක් යැවීමෙන් පසුව ලැන්කෂෙයාර් කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයේ නිරත වෙමින් සිටි Danny Lamb ඉදිරියට පහරක් එල්ල කරනවා.

පසුව පන්දුව යළි පන්දු යවන්නාගේ අතට ලැබෙන අතර, එහිදී ඔහු පෙරලා එම පන්දුවෙන් පිතිකරු දෙසට දමා ගසනවා.

පිතිකරුට පන්දුව මග හැරීමට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

එය ඔහුගේ ශරීරයේ වදින අතර, එහිදී යම් වේදනාවකින් ද පිතිකරු පෙලෙන බව පුනරූපනවලින් දක්නට ලැබෙනවා.

ඒ හේතුවෙනුයි පන්දු යැවීමේ කණ්ඩායමට දඩුවම් ලකුණු 5ක් පැනවීමට විනිසුරුවන් කටයුකු කළේ.

ඊට අදාළ වීඩියෝ දර්ශනය පහතින් නරඹන්න –

Leave a comment