Ultimate magazine theme for WordPress.

පන්ජාබ් කිංග්ස් ලාංඡනය එළි දකියි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ නම පන්ජාබ් කිංග්ස් ලෙස වෙනස් කළ බව එම කණ්ඩායමේ කළමණාකාරීත්වය අද(17) නිල වශයෙන් නිවේදනය කළා.

පන්ජාබ් කණ්ඩායම මෙතෙක් පැවැති අදියර 13 සදහාම ක්‍රීඩා කර ඇතත්, ශූරතාවයක් ජය ගැනීමට සමත් වී නැහැ.

පසුගිය තරග වාරයේ දී ඔවුන් තරගාවලිය නිමා කළේ 6 වැනි ස්ථානය ලබා ගනිමින්.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නව ලාංඡනය ද අද එළි දැක්වුණා. (ලාංඡනය පහතින්)

කණ්ඩාමේ සම හිමිකාරිණියක වන බොලිවුඩ් නිලි ප්‍රීටි සින්ටා ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් අදහස් පල කර තිබෙනවා.

Leave a comment