Ultimate magazine theme for WordPress.

පතිරණ නයිට් රයිඩර්ස් පිලට ; තීක්ෂණ රෝයල්ස් කණ්ඩායමට

ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මෙවර කැරබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී (draft) තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ද සිය කණ්ඩායම් සදහා තෝරා ගැනීමටයි කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මතිෂ ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වූ ඩ්වේයන් බ්‍රාවෝ කැරබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයෙකු ලෙස යළි තරග බිමට පිවිසීමට ද නියමිතයි.

නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක නූර් අහ්මඩ් ද සිය කණ්ඩායම සදහා තෝරා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මාර්ටින් ගප්ටිල් ද නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත අතර, කොලින් මන්රෝ මෙවර තරගාවලියට ක්‍රීඩා නොකිරීම කැපී පෙනෙනවා.

ශ්‍රී ලංකාවෙන් CPL තරගාවලිය සදහා මෙවර ක්‍රීඩා කිරීමට නියමිතව ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක, මහීෂ් තීක්ෂණ හා භානුක රාජපක්ෂයි.

දසුන් හා භානුක ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම වෙනුවෙනුයි.

බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම විසින් දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මිලදී ගෙන තිබෙනවා. ඔහුව පසුගිය වසරේ දී නයිට් රයිඩ්ස් කණ්ඩායම විසින් තෝරා ගත් නමුත්, තරගාවලියට ක්‍රීඩා කිරීමට තීක්ෂණට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර හිමි වූයේ නැහැ.

මෙවර CPL තරගාවලිය කැරබියන් රටවල් පහකදී අගෝස්තු 16 වැනිදා සිට සැප්තැම්බර් 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ද ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පළමු CPL තරග කිහිපය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

කෙසේ වෙතත්, 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ද අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ද CPL තරගාවලියට එක් වීමට නොහැකි වනු ඇති.

Men’s CPL squads :

  • Trinbago Knight Riders: Kieron Pollard, Dwayne Bravo, Andre Russell, Sunil Narine, Nicholas Pooran, Rilee Rossouw, Akeal Hosein, Noor Ahmad, Martin Guptill, Jayden Seales, Matheesha Pathirana, Mark Deyal, Chadwick Walton, Terrance Hinds, Kadeem Alleyne, Jaden Carmichael
  • Barbados Royals: Rovman Powell, Jason Holder, Kyle Mayers, Maheesh Theekshana, Rassie van der Dussen, Alick Athanaze, Obed McCoy, Kevin Wickham, Roelof van der Merwe, Akeem Jordan, Rahkeem Cornwall, Donovan Ferreira, Justin Greaves, Joshua Bishop, Nyeem Young, Rivaldo Clarke, Ramon Simmonds
  • St Kitts & Nevis Patriots: Evin Lewis, Andre Fletcher, Shrefane Rutherford, Dominic Drakes, Sheldon Cottrell, George Linde, Yannic Cariah, Oshane Thomas, Corbin Bosch, Dewald Brevis, Jyd Goolie, Izharulhaq Naveed, Kofi James, Joshua da Silva, Ashmead Nedd, Johann Layne
  • St Lucia Kings: Faf du Plessis, Johnson Charles, Dasun Shanaka, Alzarri Joseph, Roston Chase, Jair McAllister, Sikandar Raza, Peter Hatzoglou, Bhanuka Rajapaksa, Roshon Primus, Jeavor Royal, Sadrack Descarte, Khary Pierre, Leonardo Julien, Matthew Forde, Kimani Melius, McKenny Clarke
  • Guyana Amazon Warriors: Imran Tahir, Shimron Hetmyer, Rahmanullah Gurbaz, Odean Smith, Romario Shepherd, Azam Khan, Shai Hope, Gudakesh Motie, Dwaine Pretorius, Kevlon Anderson, Kevin Sinclair, Keemo Paul, Chandrapaul Hemraj, Ronsford Beaton, Matthew Nandu, Junior Sinclair
  • Jamaica Tallawahs: Imad Wasim, Brandon King, Fabian Allen, Mohammad Amir, Naveen-ul-Haq, Chris Green, Jermaine Blackwood, Shamarh Brooks, Hayden Walsh Jr, Raymon Reifer, Amir Jangoo, Steven Taylor, Shamar Springer, Nicholson Gordon, Kirk McKenzie, Joshua James

Women’s CPL squads

  • Barbados Royals: Hayley Matthews, Afy Fletcher, Aaliyah Alleyne, Chinelle Henry, Rashada Williams, Jannillea Glasgow, Chedean Nation, Vanessa Watts, Qiana Joseph, Trishan Holder, Jahzara Claxton, Marizanne Kapp, Laura Harris, Gaby Lewis, Amanda-Jade Wellington
  • Guyana Amazon Warriors: Stafanie Taylor, Karishma Ramharack, Natasha McLean, Shermaine Campbelle, Shakiba Gajnabi, Shakera Selman, Sheneta Grimmond, Kaysia Schultz, Suzie Bates, Shabnim Ismail, Shreyanka Patil, Cherry-Ann Fraser, Ashmini Munisar, Djenaba Joseph, Sophie Devine
  • Trinbago Knight Riders: Deandra Dottin, Shamilla Connell, Anisa Mohammed, Kycia Knight, Kyshona Knight, Britney Cooper, Zaida James, Lee-Ann Kirby, Carena Noel, Samara Ramnath, Shunelle Sawh, Orla Prendergast, Mignon du Preez, Dane van Niekerk, Fran Jonas
Leave a comment