Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රග්බි ක්‍රීඩකයින්ට මූල්‍ය ප්‍රදානයක්

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 30,000 ක (රුපියල් ලක්ෂ 88 ක් පමණ) මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ(4) රාත්‍රියේ දී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම විසින් ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවය (Asia Rugby Division 1 Championship) දිනා ගැනීම ඇගයීමට ලක් කරමින්.

කොළඹ දී පැවැති තරගාවලියේ අවසන් තරගයේ දී කසකස්ථාන කණ්ඩායම ලකුණු 45-7 ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අවසන් තරගය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින් 20,000කට අධික පිරිසක් පැමිණ සිටීම ද කැපී පෙනුණා.

මූල්‍ය ප්‍රදානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය –

Sri Lanka Cricket recognizes the national rugby team.

Sri Lanka Cricket decided to recognize the achievement of the national rugby team, which won the Asia Rugby Division 1 Championship by beating Kazakhstan yesterday in Colombo, with an award of US$30,000.

The decision to recognize the players and coaches who were involved in achieving this excellent win was taken by the President of Sri Lanka Cricket, Mr. Shammi Silva, and the Executive Committee, keeping in line with Sri Lanka Cricket’s continuous policy of recognizing sporting excellence in the country.

Sri Lanka Cricket is extremely happy with this achievement, as it promotes the national rugby team into the top tier of the Asian Rugby circle, which augurs well for the country’s sport arena.

Leave a comment