Ultimate magazine theme for WordPress.

නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරුවෙකු වූ නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ,  අයි.සී.සී දූෂන මර්දන පනතෙහි වගන්ති 3ක් උල්ලංඝනය කිරීමට අදාළව ඔහු වරදකරු වීම හේතුවෙන්.

ස්වාධීන දූෂන මර්දන විනිසුරු මඩුල්ලක් විසින් කළ විභාගයකින් අනතුරුව නුවන් සොයිසා ඊට වරදකරු බව මීට පෙර නිවේදනය කර තිබුණා.

2018 වසරේ නොවැම්බර් මාසයේ දීයි අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ නුවන් සොයිසාට චෝදනා ගොනු කර තිබුණේ.

අනතුරුව විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම චෝදනා විභාග කිරීමට පියවර ගත්තේ තමාට ඒ සදහා ඇති අයිතිය නුවන් සොයිසා විසින් භාවිතා කිරීමට තීරණය කිරීමත් සමගයි.

කෙසේ වෙතත්, සියලු චෝදනාවලට ඔහු වරදකරු වුණා.

ඒ අනුව නුවන් සොයිසාට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවුණු 2018 වසරේ ඔක්තෝබර් 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඔහුට වසර 6ක ක්‍රිකට් තහනමක් පනවන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය අද(28) සදහන් කළේ.

2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති T 10 තරගාවලියට එක් වූ Team Sri Lanka කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ඔහු කටයුතු කළ අතර, ඉන් පසුවයි ඔහු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණේ.

එල්ල වූ චෝදනා –

Article 2.1.1 – for being party to an agreement or effort to fix or contrive or otherwise influence improperly the result, progress, conduct or other aspect(s) of a match.
Article 2.1.4 – Directly or indirectly soliciting, inducing, enticing, instructing, persuading, encouraging or intentionally facilitating any Participant to breach Code Article 2.1.
Article 2.4.4 – Failing to disclose to the ACU full details of any approaches or invitations received to engage in corrupt conduct under the Code.

මීට අමතරව එමිරේට්ස් ක්‍රිකට් ආයතනය වෙනුවට ද නුවන් සොයිසාට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය චෝදනා ගොණු කර ඇත්තේ එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන පනතෙහි වගන්ති 3ක් උල්ලංඝනය කිරීම හේතුවෙන්.

T10 තරගාවලියට අදාළව එම චෝදනා ගොණු කර ඇති අතර, ඊට අදාළ විමර්ශන තවදුරටත් සිදු වෙමින් පවතිනවා.

Leave a comment