Ultimate magazine theme for WordPress.

නැගීඑන ආසියානු කාන්තා තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

කාන්තා නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා A සංචිතය නිවේදනය කර තිබෙනවා.

සත්‍යා සංදීපනීගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩිකාවන් 14 දෙනෙකු ඇතුළත්.

කාව්‍යා කවිදි සංචිතයට පළමුව නම් කර තිබූ නමුත් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඇයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඇය වෙනුවට මල්කි මධාරා සංචිතයට ආදේශ කෙරුණු ද ඇය ද ආබාධයකට ලක්වීම හේතුවෙන් සචිනි නිසංසලා සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (9) දිනයේ දී තරගාවලිය පැවැත්වෙන හොංකොං දේශය වෙත පිටත්ව යාමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා A සංචිතය –

1. Sathya Sandeepani – Captain
2. Vishmi Gunaratne
3. Umesha Thimashini
4. Imesha Dulani
5. Piyumi Wathsala
6. Sachini Nisansala
7. Kaushini Nuthyangana
8. Malsha Shehani – Vice Captain
9. Tharika Sewwandi
10, Nimesha Madushani
11, Nilakshana Sandamini
12, Madushika Meththananda
13, Rashmi Silva
14, Dewmi Vihanga

Leave a comment