Ultimate magazine theme for WordPress.

නවසීලන්ත සංචාරයට දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා වන දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය අද(26) නිවේදනය කෙරුණා.

ඩීන් එල්ගර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා දග පන්දු යවන ක්‍රීඩක 32 හැවිරිදි සයිමන් හාමර් (Simon Harmer) කැදවා තිබීම විශේෂත්වයක්.

ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකදී දකුණු අප්‍රිකාව නියෝජනය කළේ 2015 වසරේ දී යි.

ජෝර්ජ් ලින්ඩේ සිය විවාහය හේතුවෙන් මෙම තරග සංචාරයට එක් වන්නේ නැහැ.

මෙම තරග සංචාරයේ දී දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ලබන 17 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Squad: Dean Elgar (c), Temba Bavuma (vc), Sarel Erwee, Simon Harmer, Marco Jansen, Keshav Maharaj, Aiden Markram, Wiaan Mulder, Lungi Ngidi, Duanne Olivier, Keegan Petersen, Kagiso Rabada, Ryan Rickelton, Lutho Sipamla, Glenton Stuurman, Rassie van der Dussen, Kyle Verreynne

Leave a comment