Ultimate magazine theme for WordPress.

ධනංජයට එක්දින තරගාවලියම අහිමි වීමේ අවධානමක් ?

නවසීලන්තය සමග හෙට (25) ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියම ක්‍රීඩා කිරීමේ අවස්ථාව තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට අහිමි වීමේ අවධානමක් මතුව ඇති බව අද දෙරණ වාර්තා කර තිබෙනවා.

Update : මාධ්‍ය වාර්තා ධනංජය ප්‍රතික්ෂේප කරයි

හෙට පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ධනංජය ද සිල්වා අංක 7 ස්ථානයේ පන්දුවට පහරදීම ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.

ඒ හේතුවෙන් ඔහු පළමු එක්දින තරගයට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයින් 11 දෙනාගේ කණ්ඩායමට ඇතුළත් කර නැහැ.

ඒ අනුව ධනංජය ද සිල්වාට තරග 3 කින් යුත් එක්දින තරගාවලියම අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment