Ultimate magazine theme for WordPress.

දෙවැනි ටෙස්ට් තරගයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ ; ශොරිෆුල් තරගාවලියෙන් ඉවතට

බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ ආබාධ ප්‍රශ්නය තවදුරටත් උග්‍ර කරමින් වේග පන්දු යවන ක්‍රීඩක ශොරිෆුල් ඉස්ලාම්ට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව අද නිමා වූ පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී (ඊයේ)(18) ඔහුගේ දකුණු අතේ මැණික්කටුව ආශ්‍රිතව සිදු වූ ආබාධයක් හේතුවෙන්.

ඊයේ පස්වරුවේ දී ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඇති අතර, එහිදී අනාවරණය වුණේ මෙම ආබාධය හේතුවෙන් ඔහුට සති 5ක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි.

කසුන් රාජිත යොමු කළ කෙටි පන්දුවක් ඔහුගේ අත් ආවරණයේ වැදිමෙන් ශොරිෆුල් ඉස්ලාම් මෙම ආබාධයට ගොදුරු වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා ද ඔහුගේ සහභාගීත්වය මේ වන විට අවිනිශ්චිත වී තිබෙනවා.

ඔහුට පෙර ටස්කින් අහ්මඩ්ට හා මෙහෙදි හසාන්ට ද ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණේ ආබාධවලට ලක් වීම හේතුවෙන්.

මේ අතර, ලබන 23 වැනිදා ඩකා හී දී ආරම්භ වන ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය ද අද ප්‍රකාශයට පත් කෙරුණා.

පළමු ටෙස්ට් තරගයට නම් කළ සංචිතයම එම තරගයට ද නම් කර ඇති අතර, ආබාධයට ලක් වූ ශොරිෆුල් ඉස්ලාම් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ නොකිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

Squad:

Mominul Haque (C), Tamim Iqbal, Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Mushfiqur Rahim, Litton Kumar Das, Shakib Al Hasan, Nayeem Hasan, Taijul Islam, Syed Khaled Ahmed, Yasir Ali Chowdhury, Quazi Nurul Hasan Sohan, Musaddek Hossain, Ebadot Hossain Chowdhury, Shohidul Islam, Rezaur Rahman Raja.

Leave a comment