Ultimate magazine theme for WordPress.

දසුන්ගේ නායකත්වයෙන් යුත් ආසියානු කණ්ඩායම මෙන්න

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොදම ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් සිය කණ්ඩායම නම් කර තිබෙනවා.

එහි නායකයා ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකයි.

මෙවර ආසියානු කුසලානය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු මෙම කණ්ඩායමට නම් කර තිබීම විශේෂත්වයක්.

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන්නේ කුසල් මෙන්ඩිස් හා ඇෆ්ඝනිස්තානයේ රහ්මනුල්ලාහ් ගුර්බාස්.

ඉන්දියාවේ විරාට් කෝලි හා ඇෆ්ඝනිස්තානයේ ඊබ්‍රහීම් සඩ්රාන් අංක 3 හා අංක 4 පිතිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

අංක 5 පිතිකරු වන්නේ භානුක රාජපක්ෂයි. අංක 6 පිතිකරු ලෙස දසුන් ශානකත්, අංක 7 පිතිකරු ලෙස වනිදු හසරංගත් නම් කර තිබෙනවා.

පාකිස්තානයේ මොහමඩ් නවාස්, ඉන්දියාවේ බුවනේෂ්වර් කුමාර්, පාකිස්තානයේ හැරිස් රවුෆ් හා නසීම් ශාහ් යන ක්‍රීඩකයින් ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කළ හොදම ආසියානු කණ්ඩායමට ඇතුළත්.

  • Kusal Mendis
    155 runs at a strike rate of 156.56
  • Rahmanullah Gurbaz (wk)
    152 runs at a strike rate of 163.44, three catches
  • Virat Kohli
    276 runs at a strike rate of 147.59
  • Ibrahim Zadran
    196 runs at a strike rate of 104.25
  • Bhanuka Rajapaksa
    191 runs at a strike rate of 149.21
  • Dasun Shanaka (c)
    111 runs at a strike rate of 138.75, 2 wickets at an economy rate of 12
  • Mohammad Nawaz
    8 wickets at an economy rate of 5.89, 79 runs at a strike rate of 143.63
  • Wanindu Hasaranga
    9 wickets at an economy rate of 7.39, 66 runs at a strike rate of 150
  • Bhuvneshwar Kumar
    11 wickets at an economy rate of 6.05
  • Haris Rauf
    8 wickets at an economy rate of 7.65
  • Naseem Shah
    7 wickets at an economy rate of 7.66
Leave a comment