Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙක් ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත් කෙරේ

බෙයුරන් හෙන්ඩ්‍රික්ස් සහ කීගන් පීටර්සන් (Keegan Petersen) ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ටෙස්ට් තරගාවලිය සදහා එරට ක්‍රීඩකයින් පසුගිය සෙනසුරාදා ඇතුළත් වූ ජෛව ආරක්ෂිත බුබුලට ද එම ක්‍රීඩකයින් දෙදෙනා ඇතුළත්ව සිටියේ නැහැ.

මීට පෙර දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ සංචිතයේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

කෙසේ වෙතත්, එම ක්‍රීඩකයින් දෙදෙනා කවුරුන්ද යන්න අණාවණය කළේ නැහැ.

සෙසු ක්‍රීඩකයින් 17 දෙනා වෛද්‍ය පරීක්ෂණ තුනකින් මේ වන විට සමත් වී ඇති බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 26 වනදා සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

South Africa Test squad:

Quinton de Kock (captain), Temba Bavuma, Aiden Markram, Faf du Plessis, Dean Elgar, Keshav Maharaj, Lungi Ngidi, Rassie van der Dussen, Anrich Nortje, Glenton Stuurman, Sarel Erwee, Wiaan Mulder, Kyle Verreynne, Migael Pretorius, Dwaine Pretorius, Lutho Sipamla, Raynard van Tonder

Leave a comment