Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාවට IPL අහිමි වෙයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය රූපවාහිනිය ඔස්සේ නැරඹීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු ප්‍රේක්ෂකයින්ට අයි.පී.එල් ඉතිහාසයේ පළමු වරට අහිමි වී තිබෙනවා.

ඒ, ගෙවීම්-රූපවාහිනී විකාශකයෙකු වන (pay-television broadcaster) SuperSport නාලිකාව විසින් තමන්ට මෙවර තරගාවලියේ විකාශන අයිතිය නොමැති බව මේ වන විට තහවුරු කර තිබීමත් සමගයි.

මෙතෙක් පැවැති අයි.පී.එල් තරගාවලි 15 ම එම නාලිකාව විසිනුයි විකාශය කරනු ලැබුවේ.

කෙසේ වෙතත්, පසුගිය වසරේ ජූනි මාසයේ දී උප සහරා අප්‍රිකානු විකාශන අයිතිය SuperSport නාලිකාවට අහිමි වුණේ ඉන්දියාවේ Viacom18 නාලිකාව එම අයිතිය ලබා ගැනීම හේතුවෙන්.

ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා එංගලන්තය යන රටවල ද විකාශන අයිතිය Viacom18 නාලිකාව විසින් හිමි කර ගත්තා.

නමුත් ඉන් අනතුරුව Viacom18 සමඟ ගිවිසුම්ගත වූ රූපවාහිනී නාලිකා හරහා ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සහ එංගලන්තයේ ප්‍රේක්ෂකයින්ට මෙවර IPL තරගාවලිය නැරඹීමේ අවස්ථාව උදා වී තිබෙනවා. කෙසේ වෙතත්, දකුණු අප්‍රිකාවේ නාලිකාවක් Viacom18 සමඟ එවැනි ගිවිසුමකට එළඹ නැහැ.

මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 15 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a comment