Ultimate magazine theme for WordPress.

තවත් PSL තරග 2ක් අද

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් තරග දෙකක් අද(17) පැවැත්වෙනවා.

දිනයේ පළමු තරගය, එනම් මෙවර තරගාවලියේ 26 වන තරගය පැවැත්වෙන්නේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සහ පෙෂාවර් සල්මි කණ්ඩායම අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට අබුඩාබිහී දී ආරම්භ වීමට නියමිතයි.

දිනයේ දෙවැනි තරගය කරච්චි කිංග්ස් සහ ලාහෝර් කලැන්ඩර්ස් යන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගය අබුඩාබිහී දී ම ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් රාත්‍රී 11.30ටයි.

මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් හිමි කර ගැනීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඔවුන් තරග 8කට ක්‍රීඩා කර ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 6ක්.

දෙවැනි ස්ථානය පෙෂාවර් සල්මි කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමටත් හිමිව තිබෙනවා.

Leave a comment