Ultimate magazine theme for WordPress.

තරග සංචාරයකට පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ඇරයුමක්; ශ්‍රී ලංකාවත් කැමත්තෙන්

සිය රටේ දී කෙටි තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා පැමිණෙන්නැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයට ආරාධනාවක් සිදු කර තිබෙනවා.

ඒ, නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන තරග සංචාරය පසුගියදා අවසන් මොහොතේ අවලංගු කිරීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පාකිස්තනයේ දී ක්‍රීඩා කිරීමට කැමැත්ත පල කර ඇති නමුත්, ගැටලුව වී ඇත්තේ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට සති කිහිපයක් පමණක් ඉතිරිව ඇති බැවින්, කණ්ඩායමක් එරටට පිටත් කර හැරීමට සීමිත කාලයක් පමණක් ඉතිරිව තිබීමයි.

“අපේ සභාපතිවරයා ඒ අයට (ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයට) කතා කර කෙටි සංචාරයක හැකියාව ගැන සොයා බැලුවා. ඔවුන් ඉතා ඉහළින් එය පිළිගත්තා.” යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී වසීම් ඛාන් සදහන් කළා.

“නමුත් ඔවුන් පෙන්වා දුන්නා ඔවුන්ගේ තහවුරු කරගත් සැලසුම් වෙනස් කර ගැනීමේ අසීරුතාවය වගේම ඔවුන්ගේ සමහර ක්‍රීඩකයින් විසිර ගොස් ඇති බව”

මේ අතර, newswire වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු සදහන් කර ඇත්තේ සුදුසු අවස්ථාවකදී පාකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බවයි.

Leave a comment