Ultimate magazine theme for WordPress.

ඩිල්ෂාන් හා තරංගගේ සුපිරි පිතිහරඹය හමුවේ ආසියානු කණ්ඩායමෙන් සුපිරි හඹායාමක්

Match Report

තිලකරත්න ඩිල්ෂාන් හා උපුල් තරංග පිත්තෙන් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඕමානයේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ (Legends League Cricket) දෙවැනි තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට Asia Lions කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ එම තරගයෙන් පරාජයට පත් වූයේ World Giants කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් World Giants කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 205ක් රැස් කළා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කෙවින් ඕබ්‍රයන් පන්දු 46කින් ලකුණු 95ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර හා මොහොමඩ් හෆීස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Asia Lions කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 32කින් වේගවත් ලකුණු 52ක් රැස් කළා.

හයේ පහර 3කින් හා හතරේ පහර 2කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

උපුල් තරංග පන්දු 43කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 63ක්.

ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් සමගින්.

මොහොමඩ් හෆීස් ලකුණු 27(13)ක් ද, මිස්බා උල් හක් නොදැවී ලකුණු 19ක් ද රැස් කරමින් Lions කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දායක වුණා.

පන්දු යැවීමේ දී මෝර්නි මෝර්කල් කඩුලු 2ක් දවා ගත්තා.

Leave a comment