Ultimate magazine theme for WordPress.

ටොම් මූඩිට ශ්‍රී ලංකාවෙන් ලැබෙන කෝටි ගණනක වැටුප හෙළි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සදහා ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි පත් පත් කළ බව අප මීට පෙර ඔබට වාර්තා කළා.

මාර්තු පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ වසර 3ක කාලයක් සදහායි.

මෙම කාලය තුළ දී ටොම් මූඩිට වසරකට අමෙරිකානු ඩොලර් 180,000 ක මුදලක් හිමි වන බවයි වාර්තා වන්නේ.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල්  35,014,950 ක් පමණ වනවා. (තුන් කෝටි පනස් ලක්ෂ දාහතරදහස් නවසිය පනහක්)

ඇතැම් වාර්තාවලට අනුව ඔහුට හිමි වැටුප මෙම මුදලට වඩා වැඩි අයගයක් ගනු ලබනවා.

ටොම් මූඩි වසරකට සේවය සැපයිය යුතු දින ගණන 100ක්.

මෙම ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුර ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශ මත අලුතින් පිහිටුවූ තනතුරක්.

ඒ අනුව එම ධූරයේ වගකීම් අතරට ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම, දේශීය තරඟාවලි ව්‍යුහය පිළිබද අවධානය යොමු කිරීම, ක්‍රීඩක සුබසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්ය මණ්ඩල ව්‍යුහය මෙන්ම ඉහළ කාර්ය සාධනය සහ දත්ත විශ්ලේෂණ යන අංශ එක් වනවා.

Leave a comment