Ultimate magazine theme for WordPress.

ටොම් බ්ලන්ඩල්ට පාකිස්තාන එක්දින තරගාවලිය අහිමි වෙයි

නවසීලන්ත කඩුලු රකින පිතිකරු ටොම් බ්ලන්ඩල්ට පාකිස්තානය සමග හෙට(17) ආරම්භ වන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු බංග්ලාදේශයට එරෙහිව පැවැති සිව්වන 20යි 20 තරගයේ දී මුහුණ දුන් ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ටොම් බ්ලන්ඩල් වෙනුවට ඩැරල් මිචෙල් එක්දින සංචිතයට කැදවීමටයි එරට ක්‍රිකට් බළධාරීන් පියවර ගෙන ඇත්තේ.

ඩැරල් මිචෙල් මීට පෙර ඇතුළත්ව සිටියේ පාකිස්තානයට එරෙහි තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට පමණයි.

ඔහු සිය නිරෝධායන කාලසීමාව ගත කිරීමෙන් අනතුරුව, පාකිස්තාන – නවසීලන්ත දෙවැනි එක්දින තරගයේ සිට ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Leave a comment