Ultimate magazine theme for WordPress.

ටෙස්ට් ශූරතාවලියේ පෙරමුණ ශ්‍රී ලංකාව තවදුරටත් තහවුරු කර ගනියි

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2 – 0ක් ලෙස ජය ගැනීමත් සමගයි.

ශ්‍රී ලංකාවට මේ වන විට ප්‍රසාද ලකුණු 24ක් හිමිව ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය 100% ක්.

ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙහි ස්ථාන තෝරා ගනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම්වලට හිමි ලකුණු ප්‍රතිශතය සැලකිල්ලට ගනිමිනුයි.

ඒ අනුවයි ශ්‍රී ලංකාවට එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ.

Leave a comment