Ultimate magazine theme for WordPress.

ජොන්සන් චාර්ල්ස් ශ්‍රී ලංකා ගමන අරඹයි

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක ජොන්සන් චාර්ල්ස් අනිද්දා(26) පෙරවරුව වන විට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමග එක් වන බව එම කණ්ඩායම අද(24) තහවුරු කළා.

යාපනය කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි රවී බොපාරා තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙනුයි ජොන්සන් චාර්ල්ස් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළේ.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හයවැනි විදෙස් ක්‍රීඩකයා වන්නේ ජොන්සන් චාර්ල්ස්.

මීට පෙර ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නිවේදනය කළේ තරගාවලියට එක්වීම සදහා ඔහු කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දෙන තුරු (NOC) අපේක්ෂාවෙන් පසුවන බවයි.

කෙසේ වෙතත්, අද දිනයේ දී තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඔහුගේ සහභාගීත්වය තහවුරු කළ අතර, ජොන්සන් චාර්ල්ස් මේ වන විට ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටින බව ද සදහන් කළා.

ආරම්භක පිතිකරුවෙකු වන ජොන්සන් චාර්ල්ස් 2012 සහ 2016 වසරවල 20යි 20 ලෝක ශූරතා ජය ගත් කොදෙව් කණ්ඩායමේ ද ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළා.

දිවයිනට පැමිණීමෙන් පසුව නිරෝධායන කාලසීමාවක් ද ගත කිරීමට සිදුවන බැවින් ඔහුට මෙවර එල්.පී.එල් තරගාවලියේ තරග කිහිපයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමිව යනු ඇති.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මෙවර තරග වාරය යටතේ ක්‍රීඩා කරන පළමු තරගය ලබන 27 වනදා ගාලු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ජැෆ්නා ස්ටැලියන්ස් සංචිතය –

1. Thisara Perera(C) , 2. Suranga Lakmal, 3. Dhananjaya De Silva , 4. Avishka Fernando, 5. Wanindu Hsaranga, 6. Shoaib Malik ( Pakistan ), 7. Kyle Abott (South Africa), 8. Usman Shinwari ( Pakistan ), 9. Tom Moores ( England ), 10. Duanne Olivier (South Africa), 11. Johnson Charles (West Indies), 12. Minod Bhanuka, 13. Chathuranga De Silva, 14. Mahesh Theekshana, 15. Charith Asalanka, 16. Vijayakanth Viyaskanth, 17. Binura Fernando, 18. Prabath Jayasuriya, 19. Nuwanindu Fernando, 20. Kanagarathnam Kabilraj, 21. Theivendram Dinoshan, 22. Sebastiyampillai  Vijayaraj

Leave a comment