Ultimate magazine theme for WordPress.

ජෛව ආරක්ෂිත බුබුල කැඩූ ක්‍රීඩකයින් දෙදෙනාට වැඩ වරදියි

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු පෙනී සිටින, සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට හුවමාරු වන ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් ඩර්හැම්හි මාර්ගයක අදාළ ක්‍රීඩකයින් දෙදෙනා රැදී සිටින ආකාරය මෙම වීඩියෝ දර්ශනයට ඇතුළත්.

ඒ සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන්ගේ ද අවධානය යොමුව ඇති අතර, කණ්ඩායම් කළමණාකරුගෙන් ඒ පිළිබද වාර්තාවක් ද කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බොහෝ විට අදාළ ක්‍රීඩකයින් දෙදෙනා සංචිතයෙන් ඉවත් කිරීමට ද ඉඩ ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළා.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් තරගාවලි තුළ දී ජෛව ආරක්ෂිත බුබුලක් තුළ රැදී සිටීම අනිවාර්යය කරුණක්.

ඒ අනුව එය උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති අතර, එසේ සිදු කිරීම තරගාවලියේ පැවැත්ම සදහා දැඩි බලපෑමක් එල්ල කරනුයේ කොවිඩ් 19 වෛරසය කණ්ඩායම් තුළට ඇතුළු වීමේ අවධානම හේතුවෙන්.

එසේ වෛරසය ඇතුළු වීමක් සිදුවුවහොත් තරගාවලිය පැවැත්වීමට ද හැකියාවක් නොලැබෙන බව නොරහසක්.

අයි.පී.එල් තරගාවලිය පවා අතරමගදී අත්හිටුවීමට මෙවර සිදු වූයේ ජෛව ආරක්ෂිත බුබුල ඇතුළට කොරෝනා වෙරසය ඇතුළු වීම හේතුවෙන්.

එමෙන්ම මෙවැනි හැසිරීම් රටේ අභිමානය ද තවදුරටත් පරිහානියට පත් කිරීමට හේතුවක්.

උප නායක කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල මෙම වීඩියෝවේ සිටින අතර, ඒ අනුව ඔවුන් දෙදෙනා සංචිතයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බව සදහන්.

එමෙන්ම කුසල් මෙන්ඩිස්ට සිය උප නායකත්වය ද අහිමි වනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේ.

Leave a comment