Ultimate magazine theme for WordPress.

ජමීසන් සහ කොන්වේ අවසන් ගැටුමේ පාලනය නවසීලන්තයට නතු කරයි

Day 3 Report

ඉන්දියාව සහ නවසීලන්තය අතර සවුත්හැම්ටන්හි පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ තෙවන දිනය අද(20) නිමා වුණේ තරගයේ වැඩි ගෞරව නවසීලන්තයට හිමි කර දෙමින්. දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 101ක් ලබා සිටියා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 54ක් රැස් කළ අතර, ටොම් ලේතම් ලකුණු 30යි. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ලකුණු 70ක සබතාවයක් ගොඩ නැගුණා. කේන් විලියම්සන් නොදැවී ලකුණු 12යි.

ඒ අනුව නවසීලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 116ක්.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් සහ ඉෂාන්ට් ෂර්මා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 217ක් පමණයි. ඉන්දීය ප්‍රථම ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 62ක සබදතාවයක් ගොඩ නැගුණු නමුත්, මුල් කඩුලු 3 ලකුණු 88 ක් තුළ බිඳ වැටුණා.

රෝහිට් ෂර්මා ලකුණු 34කටත්, ෂුබ්මන් ගිල් ලකුණු 28කටත් දැවී ගිය අතර, චෙටස්වර් පුජාරා රැස් කළේ ලකුණු 8ක් පමණයි.

අනතුරුව සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 61ක සබදතාවයක් විරාට් කෝලි සහ අජික්කෙයා රහානේ අතර ගොඩ නැගුණා.

කෝලි ලකුණු 44 ක් ලබා සිටියදී දැවී ගිය අතර, රහානේ ලකුණු 49කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කයිල් ජමීසන් ලකුණු 31කට කඩුලු 5ක් දවා ගනිද්දී ට්‍රෙන්ට් බෝල්ට් සහ නෙයිල් වෑග්නර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Leave a comment