Ultimate magazine theme for WordPress.

ජඩේජාට තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු වන ලකුණු

ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ආබාධයකට ලක් වූ රවීන්ද්‍ර ජඩේජාට එම තරගයේ දී යළි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වනවා.

එමෙන්ම දෙරට අතර පැවැත්වෙන සිව්වන හා අවසන් ටෙස්ට් තරගය සදහා ද ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත වී ඇති බවයි වාර්තා වන්නේ.

තරගයේ තෙවැනි දිනයේ දී මිචෙල් ස්ටක් යොමු කළ පන්දුවක් පිතිකරණයේ නිරත වෙමින් සිටියදී රවීන්ද්‍ර ජඩේජාගේ වම් මාපටැගිල්ලෙහි වැදීමෙන් මෙම ආබාධය සිදු වුණා.

අනතුරුව ඔහු ඉන්දී්‍ය ඉනිම අවසන් වන තුරු පන්දුවට පහරදුන් නමුත්, ඔස්ට්‍රේ‍ලියානු දෙවැනි ඉනිමේ දී පන්දු රැකීම සදහා ජඩේජා එක් වූයේ නැහැ.

ඔහු වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර තිබූ අතර, ඔහුගේ වම් මාපටැගිල්ලෙහි අස්ථි බිදීමක් සිදුව ඇති බවටයි වාර්තා වනනේ.

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් ද පිතිකරණයේ නිරත වෙමින් සිටියදී පන්දුවක් වම් අතෙහි වැදීමෙන් ආබාධයකට ලක් වූ අතර, ඔහු ද වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කෙරුණා.

ඔහු වෙනුවට ව්රිධිමන් සහා ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ දී කඩුලු රැකීමේ කාර්යය සිදු කළ නමුත්, ඉන්දීය දෙවැනි ඉනිමේ දී රිෂාබ් පාන්ට් පන්දුවට පහර දෙනු ඇති බව සදහන්.

Leave a comment